ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් රට මුදාගත් අභීත රණවිරුවන්ට අපේ ප්‍රණාමය පුදකරනවා….! – දිලිත් ජයවීර….

May 20, 2025 at 11:02 am | by emanisa.lk

ඉතිහාසයේ ම්ලේච්ඡතම ත්‍රස්ත සංවිධානය පරාජය කර රටට සාමය දිනා දීමට වසර 16කට පෙර අපේ විරෝදාර රණවිරුවන්ට හැකියාව ලැබුණු බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

එම විජයග්‍රහණය ලබාගත හැකි වූයේ ත්‍රිවිද හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා රණවිරුවන් සහ සමස්ත ජනතාව සිදුකළ අප්‍රතිහත කැපකිරීම්වල ප්‍රතිඵලය ලෙස බව ද කිසිදු භේදයකින් තොරව රටේ සියලු ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදා කරදීමට කැප වූ රණවිරුවන්ට ප්‍රණාමය පුද කරන බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

එවැනි අඳුරු යුගයක් නැවත උදාවීම වැළැක්වීමට අද දවසේ අදිටන් කළ යුතු බවත් සහජීවනය යනු පටු දේශපාලන අරමුණු අනුව එක් ජන කොටසකට සුවිශේෂ වරප්‍රසාද ලබා දීම නොව සියලු දෙනාට එක සේ මේ මහ පොළවේ ජීවත් වීමට අවශ්‍ය නිදහස උදා කර දීම බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

ජාතික විජයග්‍රහණ දින සැමරුම වෙනුවෙන් බෙල්ලන්විල රාජමහා විහාරයේ පැවැති උත්සව අවස්ථාවකට අනතුරුව මාධ්‍ය අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *