මහ මෝලුන් වී ගන්න ගත් ණයෙන් වෙන වැඩ කරනවා දැයි සොයයි…!

February 25, 2025 at 10:57 am | by emanisa.lk

වී මිලදී ගැනීම සදහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිල දී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමට තීන්දු කර තිබේ.

ඒ, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් තෙවන වරටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (24) රැස් වූ අවස්ථාවේය.

ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සඳහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇත. රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *