ජනාධිපතිවරණයට මැතිවරණ කොමිසම දින නියම කර තිබියදීත් මහ මැතිවරණයක් කරළියට ගෙන එන්නෙ මැතිවරණ කෙරේ ෆෝබියාවක් පවතින බංකොලොත් දේශපාලන කණ්ඩායම් බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීම සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර බවට ප්‍රකාශ කර තිබෙන නමුත් දේශපාලනයේ අවතැන් වූ ව්‍යාපාර ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා විවිධ උත්සාහ දරන බව
පෙනෙමින් තිබෙන බවද මන්ත්‍රිවරයා කීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්වීමත් ඒ විගසම ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු රාශියක් තිබෙන හෙයින් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා ශක්තිමත් හැකියාවක් සහිත දේශපාලන ව්‍යාපාර සූදානම් අතර මැතිවරණ කොමිසමට නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කිරීමට සිදුවෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.