රටේ සෙසු අංශවල ද වැටුප් වැඩි කිරීමක් කළ හැකි මට්ටමට පැමිණෙන තුරු මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
මහ බැංකු වැටුප් නැංවීම සඳහා ඔවුන්ට විශේෂ මූල්‍ය සංචිතයක් නොමැති අතර ඒ සඳහා වැය කළ යුත්තේ ද මහජන බදු මුදල් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙයින් මහ බැංකු සේවකයින් සඳහා සුපිරි වැටුප් නැංවීමක් අවශ්‍ය නොමැති බව ප්‍රකාශ කරන රවී කරුණානායක වැඩි දුරටත් ප්‍රකාශ කළේ මහ බැංකු නිලධාරීන් මෙන් ම දක්ෂ පිරිස් වෙනත් ආයතනවල ද සේවය කරන බවයි.
මෙරට මහ බැංකුව රටේ ආර්ථිකය ආරක්ෂා කළ ආයතනයක් නොව ආර්ථිකයට අභියෝග එල්ල කළ ආයතනයක් බව ද හෙතෙම කීය.