මහින්ද සුළඟ හැදුවේ විමල් ල..! අද කෑ ගහන අය එදා හිටියේ නෑ..! ..එදා එතන සිටි මම සාක්ෂියි…! – වෙල්ගම

February 11, 2021 at 10:00 am | by emanisa.lk

2015 මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු විමල් වීරවංශ විශාල කර්තව්‍යයක් කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

තමන් ද ඒ ඉදිරියෙන්ම සිටි පුද්ගලයකු නිසා මෙම එය අවිවාදයෙන්ම පිළිගත යුතු බවද ඔහු කියා සිටියි.

මහින්ද සුළග සංවිධානය කිරීමට පුරෝගාමී වූ පුද්ගලයන් පස් දෙනාගෙන් එක් අයකු වන්නේද විමල් වීරවංශ බව මන්ත්‍රීවරයා පැවසීය.

අද කෑ ගසන අය ඒවා නොදන්නවා වූවාට විමල් වීරවංශ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *