ආණ්ඩුවේ කාබනික පොහොර ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්නේ ශ්රීලනිපය බවත් එහෙයින් ආණ්ඩුවේ සැලුන් දොරින් ශ්රීලනිපය එළියට යා යුතු බවත් ආණ්ඩුවේ නැට්ට පාග ගත් මැති ඇමැතිවරුන් පවසන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
2015 මහින්ද රාජපක්ෂ පරාජය වූයේ ද ආණ්ඩුවේ සැලුන් දොර ඇර තිබූ නිසා බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ඒ නිසා එවක ආණ්ඩුව සමග සිටි පිරිසක් යන්න ම ගිය බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
පොදුජන පෙරමුණට එක මතයක් ඇති බවත් ශ්‍රීලනිපයට තවත් මතයක් ඇති බවත් පවසන දයාසිරි ජයසේකර, තම පක්ෂ අනන්‍යතාව පොහොට්ටු මන්ත්‍රීවරුන් පිළිගත යුතු බවත් අවධාරණය කරයි.