මහින්ද නාමය ඇහෙද්දි දරුවන් ඇකයෙන් වැටෙනවා…! – තිස්ස කුට්ටිආරච්චි…

July 30, 2023 at 7:44 pm | by emanisa.lk

ධර්ම දේශනා කිරීමට පළමුව දානේ වළඳා සිටින්නැයි බුදුන් වහන්සේ දේශනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

වැඩ කළ පළපුරුදු නායකයා සිටින්නේ තමන් සමග බවත් ඒ මහින්ද රාජපක්ෂ බවත් හෙතෙම පෙන්වා දෙයි.

මහින්ද නම ඇසෙන විට බනිස් කෑම පසෙක තබා ජනතාව අත්පොළසන් දෙන බවත් මහින්ද නාමය ඇසෙන විට දරුවන් ඇකයෙන් වැටෙන බවත් තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පොල්ගහවෙල ආසන බල මණ්ඩලය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *