මහින්ද රනිල්ට උඩින් යයි…! ගෝඨාභයට ලංකාවට එන්න කියයි…!

August 14, 2022 at 9:33 am | by emanisa.lk

විදෙස් රටවල රැඳී නොසිට හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාවේ විදෙස්ගත වූ ගෝඨාභය රාජපක්ෂ මේ වන විට තායිලන්තයේ රැඳී සිටියි.

ඊට පෙර මාලදිවයිනේ ද අනතුරුව සිංගප්පූරුවේ ද හිටපු ජනාධිපතිවරයා රැඳී සිටියේ ය.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා නැත.

හිටපු ජනාධිපතිවරයාට මේ වන විට මෙරටට පැමිණීමට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂක අංශ වාර්තා කර ඇති නමුත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ හිටපු ජනාධිපතිවරයා මේ අවස්ථාවේ රටට පැමිණීම සුදුසු නොවන බවය.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන් බැහැ දැකීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගිය අවස්ථාවේදී මහාචාර්ය කෝටපිටියේ රාහුල හිමියන්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත සිය රටට පැමිණීමට අවස්ථාව සලසා දිය යුුතු බව ප්‍රකාශ කළ ද ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *