එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ සිය බිරිඳ සම්බන්ධ බවට ලබාදුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් තමන්ට තර්ජනය කර ලබාගත් එකක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මෝසමක් මගින් අධිකරණයට දන්වයි.
සිය නීතීඥයා මාර්ගයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ඔහු පවසන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති රංග දිසානායක මරණීය තර්ජනය කරමින් මෙම ගනුදෙනුවට මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධ බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස බලපෑම් කළ බවයි.
එහෙයින් සිය ප්‍රකාශයෙහි උක්ත කරුණු සඳහන් වන්නේ නම් ඒ සියල්ල අදාළ නිලධාරීන් බලහත්කාරයෙන් සටහන් කරගත් දේ බවද කපිල චන්ද්‍රසේන සිය මෝසම මගින් අධිකරණයට දැනුම් දෙයි.