මහින්ද කියන්නේ මළත් මෘත දේහයත් සුරක්ෂිත කළ යුතු නායකයෙක්…! – හිටපු නි. කතානායක…

January 28, 2025 at 10:15 am | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් රටට සිදු වූ කාර්යය නොසලකා හරිමින් ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර ඔහු සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කර ඇති බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

පසුගියදා (26) මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ තිස් අවුරුදු යුද්ධයකින් රට බේරා ගත් බවත් දැන් ඔහුට ආරක්ෂාව ලබාදීම රජයේ යුතුකමක් බව‍ත්ය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රටට වටිනා නායකයෙක් බවත් ඔහු මියැදුනත් එතුමාගේ මෘත දේහය මතු උපදින අනාගතයේ සෑම අයෙකුටම දැක බලා ගැනීමට හැකි දේහයක් ලෙස රටේ තිබිය යුතු බවත් අජිත් රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *