පසුගිය වසර කිහිපය ඇතුළත මෙරට දරුවන් හැදීම අඩු වී ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
අලුතෙන් විවාහ වීම ද අඩු වී ඇති බවටත් විවාහ වුවත් දරුවන් සෑදීම අඩුකර ඇති බවටත් නියෝජ්‍ය ඇමතිවරයා චෝදනා කරයි.
ඊට හේතු වී ඇත්තේ පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට ගොඩනැගු ආර්ථික ක්‍රමවේදය බව පැවසු නලින් හේවගේ, මහින්ද රාජපක්‍ෂලා රනිල් වික්‍රමසිංහලා හැදූ ආර්ථිකය නිසා අද රටේ දරුවන්ද අඩුවී ඇති බව කියා සිටියේය.
ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.