පසුගිය මැතිවරණයේ දී පක්ෂය අතහැර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග එකතු වූ පිරිසට පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබිණි.
කෙසේ වුව ද ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි වැනි නායකයන් මෙම අවස්ථාවට නොපැමිණි අතර පැමිණ සිටියේ 17 දෙනෙකු පමණි.
ආරාධනය පිළිගෙන පැමිණි පිරිස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර අදාළ තීන්දුව පිළිබඳ නාමල් රාජපක්ෂ එතරම් පැහැදීමක් නොමැති බව ද වාර්තා වෙයි.