මහින්දගේ විජේරාම නිවසට අනුමැතිය දෙන රැස්වීමට අනුරත් ආවා…! – රනිල්…

February 1, 2025 at 3:53 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන රජය අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ තමන්ද සහභාගි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙළිදරව් කර තිබේ.

ඒ, පසුගියදා කොළඹ අමාරි හෝටලයේ පැවති විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවකදීය.

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස ලබාදීමට නීතියෙන් රජය බැඳී සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ද සහභාගි වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂට නිල නිවස ලබාදීමට ගත් තීන්දුව නීත්‍යානුකූල බවත්ය.

මෙම හමුවට රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව වජිර අබේවර්ධන, සාගල රත්නායක, උදය ගම්මන්පිල, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල, කාංචන විජේසේකර, සුගීෂ්වර බණ්ඩාර සහ ප්‍රේමනාත් දොලවත්ත ආදී මැති ඇමැති සහ පක්ෂ නායකයන් පිරිසක්ද එක්ව සිට ඇත.

දේශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *