හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තව දුරටත් කටයුතු කරනු ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම මෙලෙස ඔවුන්ගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට හේතුව බව රජය පෙන්වා දෙයි.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසන්නේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් අඩු කළ ද වියදම කිසිසේත් අඩු නොවන
එම හමුදා නිලධාරීන් නැවත හමුදා කඳවුරුවලට ගිය ද ඔවුන්ගේ වැටුප ගෙවිය යුතු බවත් මෙය ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමක් බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.