ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ නින්දිත දුර්දාන්ත ක්‍රියාව තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති මොහොතක මෙම ක්‍රියාව මගින් එම උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කර ඇතැයි හෙතෙම චෝදනා කරයි.
සමගි ජන බලවේගයත් සමගි බෞද්ධ උපදේශන කමිටුවත් එකට එකතු වී මේ පිරිවැය ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් මත දැරීමට තීරණය කළ බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
ජනාධිපති අරමුදලින් හෝ බුද්ධ ශාසන අරමුදලින් මේ මුදල් පියවීමට කටයුතු කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමය සමග පැවැති සාකච්ඡාවක දීය.