මහා විනාශයක් මැද අඩුපාඩු විවේචනය කරන්න සූදානම් නෑ… ජනතාව දුකින් මුදා ගන්න කළ හැකි සියල්ල කරනවා…! – දිලිත් ජයවීර….

December 3, 2025 at 11:45 am | by emanisa.lk

විපක්ෂ මන්ත්‍රී කණඩායමක් මහනුවරට පැමිණියේ නිලධාරීන් සමග සාකච්ඡා කොට ආපදාව සමග මතුව ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබා දෙමින් ජනතාව දුකින් මුදවා ගැනීමට බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

එසේ නොමැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කිරීමේ හෝ ආණ්ඩුව සමග ගැටුමකට යෑමේ හෝ අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුවට කළ නොහැකි කාර්යක් වේනම් එය ඉටුකිරීම සහ ආණ්ඩුව කරන කටයුතු සඳහා සහයෝගය ලබා දීම සිය අභිප්‍රාය බවත් හෙතෙම අවධාරණය කරයි.

ආපදාවෙන් සිදුව ඇති හානි ගැන දත්ත ලබා ගැනීමේ සහ දත්ත එකතු කිරීමේ ගැටලු තිබුණ ද මේ ව්‍යවසනකාරී අවස්ථාවේ එම අඩුපාඩු මාධ්‍ය සමග හුවමාරු කර ගැනීමට අකමැති බව ද දිලිත් ජයවීර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ (02) විපක්ෂ මන්ත්‍රී පිරිසක් සමග මහනුවරට පැමිණ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *