මහා මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සපුරා වෙනස්….! – සංජීව එදිරිමාන්න….

September 27, 2024 at 8:43 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුවට රටේ ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද යන්න රටට අනාවරණය කළයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අලුත් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්ව ඇත්තේ වසන්ත සමරසිංහ මහතාගේ වාහන රජ දැක්ම බව ද කිසියම් තැනක රාජ්‍ය දේපළක්, රාජ්‍ය සම්පතක් අවභාවිතයට ලක්ව තිබේ නම් එය රටට අනාවරණය කිරීම පිළිබඳව ගැටළුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට තරඟ කරන බවත් මහා මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *