මහා ඡන්දෙන් ප්‍රධාන විපක්ෂය වීම අපේක්ෂාවයි..! – දිලිත්….

October 4, 2024 at 7:57 pm | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයේ දී විපක්ෂයේ වැඩි ම ආසන ප්‍රමාණයක් දිනා ප්‍රධාන විපක්ෂය වීමට කටයුතු කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහයෝගය ලබා දෙන අතර ආණ්ඩුවට නිවැරදි දේ කිරීමට බල කරන බවයි.

ඉදිරි මහා මැතිවරණයේ දී මාලිමාවට ආණ්ඩුවක් පිහිටුවා ගෙන ඔවුන්ගේ වැඩපිළිවළෙ ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දීම ප්‍රබුද්ධ දේශපාලනය බව ද දිලිත් ජයවීර සඳහන් කළේය.

අද (04) මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *