මහා ඉන්ධන ජාවාරම්කරුවෙක් අල්ලයි… දාන පිංකමට මිදුලේ තණ කපන්න පෙට්‍රල් ලීටර් හතරක් තබාගත්තාට දින 21ක සිරදඬුවම්…!

March 27, 2026 at 2:50 pm | by emanisa.lk

අනවසරයෙන් පෙට්‍රල් ලීටර 4 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වැරදිකරු වූ අයකුට දින 21 ක සිරදඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ නියම කළේය.

මෙසේ දඩුවම් නියම වුයේ කොබෙයිගනේ පදිංචිකරුවෙකු වන බී.එම්. ලසන්ත කුමාර බාලසුරිය නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකුටය.

කොබෙයිගනේ පොලිසිය පෙට්‍රල් ලීටර 4 ක් ද සමග අත්ඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ප්‍රකාශ කළේ සිය සේවාදායකයාගේ දෙමාපියන් වෙනුවෙන් නිවසේ එළඹෙන 29 වෙනිදා පැවැත්වෙන දාන පිංකම වෙනුවෙන් වත්ත සුද්ද කිරීම සඳහා තණකොළ කපන මැෂිමට යෙදීමට මෙම ඉන්ධන රැගෙන ආ බවයි.

ඒ බව තහවුරු කරමින් ගමේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේද ලිපියක් ලබා දී තිබිණි. කෙසේ වුවද පෙට්‍රල් ලීටර හතරක් ළඟ තබා ගැනීමේ වරදට දින 21ක් බන්ධනාගාරගත කිරීම නිසා ඔහුට එම දානයේ කටයුතු කර ගැනීමටද නොහැකි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *