මහනුවර රිලා කරදරේ අවසන්… සියලු රිලවු රන්දෙණිගල දූපතට…!

March 28, 2025 at 2:32 pm | by emanisa.lk

මහනුවර දිස්ත්‍රික්කයේ රිලවු රන්දෙනිගල ජලාශයේ පිහිටි දූපතකට ගෙන ගොස් දැමීමට තීරණය කර තිබේ.

හේවාහැට ආසනයේ ගම් 15ක් මූලික කර ගෙන දියත් කර ඇති නියමු ව්‍යාපෘතියට රු. මිලියන 10ක් වෙන්කර ඇත.

මෙම රිලවුන්ට නැවත ජලාශය හරහා ගොඩබිමට පැමිණීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් දූපත වටා විදුලි වැටක් ඉදිකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *