මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.
එහි ලේකම් ජනරාල් ආචාර්ය පුංචිනිලමේ මීගස්තැන්න සඳහන් කළේ, අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ය. එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව ද ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි වාරිමාර්ග අමාත්‍යාංශය යෝජනවක් ඉදිරිපත් කර ඇති බව ආචාර්ය මීගස්වත්ත ප්‍රකාශ කරයි.