මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියේ විකෘති කරන ලද රාජ්‍ය ලාංඡනයක් පලකර ඇති බවට සමාජ මාධ්‍යවල චෝදනා නැගෙයි.
එම වෙබ් අඩවියේ සඳහන් රාජ්‍ය ලාංඡනයේ සිංහයා විකෘති වී ඇති අතර මෙය AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර කිසිදු පසු නිරීක්ෂණයකින් තොරව වගකීම් විරහිතව පළකර ඇතැයි චෝදනා නැගෙයි.
කෙසේ වුව ද මේ වන විට එම වෙබ් අඩවියට පිවිසීම අවහිර කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශ භාර ඇමති ධුරය දරන්නේ ඇමති ආනන්ද විජේපාලය.