පිළිමතලාව සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මැදිරියක් තුළ සම්බාහන ක්‍රියාවලියක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.
අදාළ දුම්රිය තුළ සිදුවූ මෙම ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා වෙන්කරගත් දුම්රියක් තුළ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය මෙරට දුම්රිය සේවාවේ ආයතන රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ ගැන දැනුවත්වීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ අංශ සහ සංචාරක පොලිසිය ද දැනුම්වත් කර ඇති බවත් එම විමර්ශනයන්ට අනුව අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.