ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය.
ඒ අදාළ තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනාධිපතිවරයා වෙත යවමිනි.
තමා ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සේවය කිරීමට ප්‍රිය වුවත් නොවැළැක්විය හැකි කාරණා හේතුවෙන් සහ ඔහුට දක්වන ගෞරවයක් ලෙස පෞද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමට මෙසේ තීරණය කළ බව බණ්ඩාර මහතා හිටපු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
තමාගේ එකම අරමුණ මවුබිම සහ එහි වෙසෙන සහෝදර ජනතාව වෙනුවෙන් සේවය කිරීම බව පවසන හෙතෙම අපරාජිත රටක් බිහිකිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙළක් සමග එක්වීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැගීමට හැකි කණ්ඩායමක් සමග වැඩ කිරීමට තමා නොපැකිලෙන බවද ඔහු මෙම ලිපියෙන් ප්‍රකාශ කරයි.