මේ රට දෙකඩ කිරීමේ කොටි ත්‍රස්තවාදී ව්‍යාපාරය කුඩා රටවල් යටත්කර ගැනීමේ නව යටත්විජිත සැලසුසෙහි කොටසක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
2009 වසරේ එම බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කළද නැවත 2010 සිට එම විජයග්‍රහණය ආපසු හැරවීමේ කුමන්ත්‍රණය දියත් වූ බවත් එහි ප්‍රතිඵලය ලෙස වසර දෙකකට පෙර 2015 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා යහපාලන ආණ්ඩුව ඇටවීමට සතුරන් ක්‍රියාකළ බවත් ඔහු පෙන්වා දෙයි.
නැවත 2019 වසරේ යහපාලන කුමන්ත්‍රණය පරාජය කළද වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම ආණ්ඩුවද පරාජයට පත්කර වත්මන් රූකඩ ආණ්ඩුව බලයට පත්කරගත් කුමන්ත්‍රණකරුවන් දැන් එහි වැඩපිළිවෙළ දෙස බලා සිටින බවද දිලිත් ජයවීර සඳහන් කරයි.
අද 78 වන නිදහස සමරන්නේ තමන්ගේ පාලනයකින් තොර අනුන්ගේ අවශ්‍යතා අනුව පාලනය වන වෙනත් රටවලට සේවය කරන මෙම රූකඩ ආණ්ඩුව යටතේ බවද ඔහු සඳහන් කරයි.
මව්බිමට එරෙහි කුමන්ත්‍රණය තවමත් අවසන් වී නොමැති බවත් රටට අහිමිවෙමින් පවතින සංස්කෘතික සහ ආර්ථික නිදහස රැකගන්නේ කෙසේද යන්න සිය පක්ෂයේ නිදහස් දින තේමාව බවත් දිලිත් ජයවීර වැඩි දුරටත් ප්‍රකාශ කරයි. ඒ සඳහා සියලු දෙනා ජාති ආගම් පක්ෂ භේද නොතකා එක්ව සටන් කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්වජන බලය නිදහස් දින උලෙළට එකතු වෙමින් එහි මුඛ්‍ය දේශනය පවත්වමිනි.