මව්බිමට කීර්තිය ගෙන ආ මට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරය ගැන කනගාටු වෙනවා…! – යුපුන් අබේකෝන්…

July 24, 2026 at 3:56 pm | by emanisa.lk

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රීඩා අමාත්‍යවරයාට සම්බන්ධ පිරිසක් තමන්ට විරුද්ධව මඩ අවලාද නැගීමේ රැල්ලක් දියත්කර තිබීම පිළිබඳ කනගාටුවට පත්වන බව ප්‍රවීණ ක්‍රීඩක යුපුන් අබේකෝන් පවසයි.

තමන් කිසි දිනක දේශපාලනය නොකළ අතර ජාතික කොඩිය පපුවෙහි ගසාගෙන රට වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කළ බවද ඔහු පෙන්වා දෙයි.

දෙමාපිය විරෝධය පවා නොතකා 2013 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අතහැර තමන් ක්‍රීඩාව තොරාගත් බවද යුපුන් අබේකෝන් ප්‍රකාශ කරයි.

ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ කැපකිරීම්වල ප්‍රතිඵලය ලෙස තමන්ට දකුණු ආසියාවේ මීටර 100 තප්පර 10කට පෙර ධාවනය කළ ප්‍රථම සහ එකම ක්‍රීඩාකයා වී මව්බිමට කීර්තියක් ගෙන දීමට හැකි වූ බවද යුපුන් අබේකෝන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *