කාලයත් තමන් මල් පැල බෝ පැල යැයි හඳුන්වාගත් පිරිස මේ වන විට හොරු තක්කඩි බව සමාජය ඉදිරියේ අනාවරණය වෙමින් ඇතැයි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
පෙර කිසිදා නොවූ විරූ ලෙස ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට ආණ්ඩුව එපා වී ඇතැයිද ජනතාව පාරට බසිමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ජනතාව පාරට බසින විට මර්දනය දියත් වනු ඇති බවත් මාධ්‍ය මර්දනයට දැනටමත් කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කරයි.
ආණ්ඩුව කිසිසේත් අධිකරණ පද්ධතියට හෝ නීතිපතිවරයාට බලපෑම් නොකළ යුතු බවත් එහි අනිටු ප්‍රතිවිපාක තමන් අත්විඳ ඇති බවත් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.