විපක්ෂයේ හිටපු සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දී නැවත පාර්ලිමේන්තුවට පත්කරන ලෙස ඉල්ලා මල්වතු පාර්ශ්වයේ මහ නායක තිට්ටබුවාවේ සුමංගල හිමි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට ලිපියක් යොමු කර තිබේ.
කන්ද උඩරට සිංහල ජනතාව නියෝජනය කළ මන්ත්‍රීවරයා වීමත් ඔහුගේ පළපුරුද්ද, නීති ක්ෂේත්‍රෙය් දැනුම සහ පළපුරුද්ද එහි දී සැලකිල්ලට භාජනය කරන ලෙස ද එහිමියන් ඉල්ලා තිබේ.
කෙසේ වුව ද මල්වතු නාහිමියන්ගේ ලිපියට මෙතෙක් සමගි ජන බලවේග පාර්ශ්වයෙන් පිළිතුරක් ලබා දී නොමැති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.