ආන්දෝලනයට පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ඩිජිටල් හැඳුනුම්පත් හඳුනා ගැනීමේ ඒකක සඳහා මල්ටිප්ලග් මිලයට ගැනීමේ ටෙන්ඩරය 2023 වසරේ එකක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
“මේ ටෙන්ඩරය ගැන මතු වූණ සාකච්ඡාව මම දන්නවා. නමුත් ටෙන්ඩරය අවලංගු කිරීම ගැන තහවුරුවක් කරගන්න බැරිවුණා. මේක 2023 ටෙන්ඩර් එකක්.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) රාත්‍රී සිරස නාලිකාවේ සටන දේශපාලන සංවාදයට එකතු වෙමිනි.
එහි දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ සඳහන් කළේ ඇමතිවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවයි.
“මේ අප්‍රේල් මාසේ නෝටිස් කරලා කැඳවූ ටෙන්ඩර් එකක්. මේ ගැන සමාජ මාධ්‍යවල කතා නොවුණා නම් මේ ටෙන්ඩරය දීලා ඉවරයි. ඒ සාකච්ඡාව නිසා තමයි, ටෙන්ඩර් එක රිවර්ස් කරලා දැන් මේ අපි දන්නේ නෑ කියන්නේ.”
එහි දී ආණ්ඩුවට එක එක කොම්පැණිවලට ප්ලග්බේස් ටෙන්ඩර් ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළ ඇමති වසන්ත සමරසිංහ “එසේ හිතන්නවත් එපා” යැයි කීවේය.