ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් මලයගම් ජනතාවගේ වැටුප රු. 400කින් වැඩි කොට නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
එම ජනතාව අවුරුදු 200ක් තිස්සේ ලේ කඳුලු දහදිය වගුරමින් මේ රටේ සේවය කරමින් ජාතික ධනය උපයා ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
එම ජනතාව වෙනුවෙන් රු. 200ක වැටුප් වර්ධකයක් ලබා දීමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි පිළිබඳ ලැජ්ජා වන බව ද විජිත හේරත් ප්‍රකාශ කරයි.
මලයගම් ජනතාවට ලබා දෙන රු. 200ට එරෙහි වීම විපක්ෂය සිදුකළ ඓතිහාසික වරදක් බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.