මර්වින් සිල්වා ළඟ කෝටි 15ක අයථා වත්කම්… ඉඩම් සුපිරි වාහන පෙළක් ඒ අතර….!

May 28, 2025 at 9:44 am | by emanisa.lk

සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් කෝටි 15කට අධික දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී ඔහු මෙම වරද සිදුකළ බවට අධිචෝදනා ගොනුකර ඇත.

එහිදී මර්වින් සිල්වා කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා 13,990,000ක මුදලක් වැය කිරීම, කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා 71,399,000ක මුදලක් වැය කිරීම, තම පුත් මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා 32,375,000 ක මුදලක් වැය කිරීම, හයිඋන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 88කට අධික මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අබිබවා රුපියල් කෝටි 15කට අධික වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *