මම හැමදාම රෑ 9ටත් අමාත්‍යංශේ වැඩ… උපන් දිනේ දවසෙත් එහෙමයි…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

March 1, 2025 at 1:01 pm | by emanisa.lk

තමා සතියේ සෑම දිනයකම රාත්‍රී 8-9 වන තුරු අමාත්‍යංශයේ සිටින බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

එහෙත් මෙයට පෙර ඇමතිවරුන් එසේ කටයුතු නොකළ බවත් ඇතැම් විට ලියුම් අත්සන් කිරීමට ඇමතිතුමාගේ නිවසට යෑමට සිදුවූ බවත් ඔහු පෙන්වා දෙයි.

සිය උපන් දිනය යෙදුණු පසුගිය 22 වෙනිදාද සිටියේ අමාත්‍යංශයේ බවයි, චතුරංග අබේසිංහ සඳහන් කළේ.

පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් අයවැය මගින් වෙන් කරන ප්‍රතිපාදන රටේ උන්නතිය පිණිස ආයෝජනය කිරීම සඳහා රාජ්‍ය සේවකයන් සමග එක්ව තමන් කටයුතු කරන බව ද නි. ඇමතිරවරයා ප්‍රකාශ කරයි.

සිරස වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *