මම නිල නොලත් මහේස්ත්‍රාත්…මගේ තීන්දුව අවසාන තීන්දුව… වහා පිටවනු….! – රන්වල පරදා රංජන් ජයලාල් බුකිය කළඹයි….

December 16, 2025 at 7:58 pm | by emanisa.lk

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්, නීතිඥවරියක ඇතුළු පිරිසකට ඉතා නින්දිත ආකාරයෙන් බැණ වදින හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

අදාළ සිදුවීම සිදුව ඇත්තේ යම් ගැටලුවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණි පිරිසක් සහ නගරාධිපතිවරයා අතර ඇති වූ උණුසුම් සංවාදයක් අතරතුරදීය.

අදාළ හඬ පටයට අනුව, නගරාධිපතිවරයා පවසා සිටින්නේ එම අවස්ථාවේ අදාළ පැමිණිල්ල විභාග කරනු ලබන්නේ තමන් නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු ලෙස බවයි.

නීතිඥවරුන්ට පැමිණ තමන්ට බලපෑම් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, තමන්ගේ තීරණය අවසන් තීරණය බවත් ඔහු එහිදී අවධාරණය කරයි.

මෙහිදි දැඩි ලෙස කෝපයෙන් බැණ වදින නගරාධිපතිවරයා, අවසානයේ අදාළ නීතිඥවරිය ඇතුළු පිරිසට වහාම එම ස්ථානයෙන් පිටව යන ලෙස නියෝග කරයි.

මෙම හඬ පටය ප්‍රසිද්ධ වීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිස් නගරාධිපතිවරයාගේ හැසිරීම විවේචනය කරමින් මහජන නියෝජිතයෙකු මෙලෙස උද්දච්ච හැසිරෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *