පසුගිය මහා මැතිවරණයේ දී තමන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානම් වුව ද එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිසක් විරෝධය පළකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.
තමන් මහනුවරින් තරඟ කළහොත් එම පිරිස පරාජය වේ යැයි පැවති බිය නිසා මෙලෙස විරෝධය පෑ බවයි, සුජීව සේනසිංහ සඳහන් කළේ.
අනතුරුව පක්ෂයේ සම්පූර්ණ ප්රචාරක යාන්ත්‍රණය මෙහෙය වීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි ඉල්ලීම මත අකමැත්තෙන් වුව ද තමන් ජාතික ලැයිස්තුවට එකතු වූ බව ද ඔහු පෙන්වා දෙයි.
එහි දී රංජිත් මද්දුමබණ්ඩාර සහ තමන් ලැයිස්තුවේ අංක 1 සහ 2 ලෙස අනිවාර්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සඳහා පත්කරන බවට සිය නායකයා පොරොන්දු වූ බවත් ඒ වෙනුවෙන් තමන් කිසිදු සටනක් නොකළ බවත් සුජීව සේනසිංහ ප්‍රකාශ කරයි.
ඊයේ (16) දෙරණ 360 වැඩටහනට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.