මම ගැරඬි මරන්නේ නෑ! මාව දේශපාලනයට ගෙන්න ගන්න හදන්න එපා!- ඩඩ්ලි රොෂාන්ට පිළිතුරු දෙයි….
කිසි දිනක ගැරඬි නොමරන තමා මිනිසකු නොමරන බව ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන පවසයි.
ඔහු මෙසේ ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඩඩ්ලි සිරිසේන තමන්ට මරණ තර්ජනය කරන බවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ පැමිණිලි භාර නොගත් බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිණි.
රොෂාන් රණසිංහ දේශපාලනයට ගෙන ආවේ තමා බව ප්‍රකාශ කළ ඩඩ්ලි සිරිසේන උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති ධුරය ලබා ගැනීම සඳහා රොෂාන් රණසිංහ තමන්ගේ තර්ජන ඇතැයි බොරු කියන බව ද සඳහන් කළේය.
දේශපාලනයට පැමිණීමට තමන්ගේ කැමැත්තක් නැති බවත් මෙවැනි කරදර කර තමන් දේශපාලනයට කැඳවා නොගන්නා ලෙස ද ඔහු අවධාරණය කළේය. තමා කිසිදු වරදක් කළ බවට කිසිදු පොලිසියක පැමිණිල්ලක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
පොලොන්නරුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මෙම අදහස් ප්‍රකාශ කළේය.