මම කන්නේ තණකොළ නම් ඔප්පු කරනු…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

July 28, 2025 at 3:54 pm | by emanisa.lk

තමන් බත් මිස ගොයම් හෝ තණකොළ නොකෑ බවත් එසේ කළ බවට ගොවීන් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

එහෙත් තමන් තණකොළ කෑවේ යැයි කියමින් ඇතැමුන් තණකොළ කා පෙන්වන බව ද හැකි නම් තමන් එලෙස කෑ අවස්ථාවක් පෙන්වන ලෙස අභියෝග කරන බව ද නි. ඇමතිවරයා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩු සමයේ ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් නොදුන් බවත් රජයේ වී ගබඩා වසා දමා තිබූ බවත් ගොවීන්ට වී කිලෝව රු. 60 ගණනේ විකිණීමට සිදු වූ බවත් නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.

මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නි. ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *