මම එක රුපියලක් හොරකම් කරලා නෑ… එකා පිට එකා මළත් රට හදලා මිස නවතින්නේ නෑ…! – ඇමති කුමාර ජයකොඩි…

April 10, 2026 at 7:11 pm | by emanisa.lk

තමන් පෙනී සිටින්නේ දූෂණයට වංචාවට එරෙහිව බවත් මහජනතාවගේ එක රුපියලක් වංචා කළ බව ඔප්පු කළහොත් තනතුරු අතහැර ගෙදර යන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

තමන්ට ප්‍රහාර එල්ල වන්නේ මෙතෙක් කල් දූෂිත ලෙස රාජපක්ෂ පවුලේ මිතුරන්ගේ සමාගම් විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩරය ඔවුන්ට ලබානොදීම නිසා බවත් ඊට මුහුණදීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කොටුකොට පහර දී දුර්වල කිරීමට ඉඩ නොලැබෙන බවත් එකා පිට එකා ගියත් රට හදා මිස අත නොහරින බවත් අමාත්‍ය කුමාර ජයකොඩි අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (10) පාර්ලිමේන්තුවේදී තමන්ට එරෙහි විශ්වාසභංග විවාදයට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *