මම ඇමති කාලේ පැද්ද v8 එක වෙන්දේසි කරලා නෑ… BCC සභාපති පදිනවා…! – චාමර සම්පත් අමරසූරිය….

September 24, 2025 at 4:28 pm | by emanisa.lk

තමන් ඇමති ධුරයක් දරන කාලයේ v8 රථයක් පරිහරණය සඳහා ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අමරසූරිය පවසයි.

මේ වන විට එම රථය ලැබී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොවන බව ද ඔහු සඳහන් කරයි.

මේ වන විට එම රථය කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන BCC ලංකා ආයතනයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා ලබා දී ඇති බවත් ඉතින් මේ ආණ්ඩුවට හරි යනවා දැයි චාමර සම්පත් අමරසූරිය ප්‍රශ්න කරයි.

ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *