මන්දිරවල ළැග්ග පාතාළේ කොනක ඉඳලා සුද්ද කරනවා…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

February 27, 2025 at 5:52 pm | by emanisa.lk

පාතාළ ක්‍රියාකාරකම් ඉහළ ගියේ වර්තමානයේ පමණක් නොවන බවත් අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය පාතාළයේ නවාතැන්පොළවල් වූ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

රටේ හරිහමන් පාලනයක් තිබිණි නම් පාතාළයක් නොහැදෙන බවත් ඒ තුල පරණ දේශපාලනය ඇති බවත් ගැටුම්වලින් මිය යන්නේ සාක්ෂි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

පාතාළයේ වැල පමණක් එළියට පෙනුණ ද දේශපාලනය, ව්‍යාපාර, පොලිසිය, හමුදාව, බන්ධනාගාරය දක්වා විහිදුනු අලයක් ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

බලයට පැමිණි වහා එය අවසන් කළ නොහැකි වුව ද ප්‍රතිකාර පටන් ගෙන ඇති බව ද රැකවරණයක් නැතිව පුවක් වල්ල පොළවේ ගැසුවා මෙන් විසිර ඇති පාතාළය කොනක සිට සද්ද කරන බව ද ඇමති විද්‍යාරත්න අවධාරණය කරයි.

ඊයේ (26) බණ්ඩාරවෙල පැවති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *