මන්ත්‍රීතුමා අමු මාළු කෑ නිසා මාළු බිස්නස් හොඳයි! මෝඩයින්ට ඕව තේරෙන්නේ නෑ! – දිලිප් පිළිගන්න තංගල්ලේ උත්සවයක්..

November 22, 2020 at 4:23 pm | by emanisa.lk

තංගල්ල ධීවර වරායේ ධිවරයින් විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි පිළිගැනීමේ උත්සවයක් අද (22) සංවිධානය කර තිබිණි.

ඒ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී දිලිප් වෙදාරච්චි අමු මාළු ආහාරයට ගැනීමේ සිද්ධියත් සමඟ මත්ස්‍ය වෙළෙඳාම මේ දිනවල දී සාර්ථකව සිදුවන බව පවසමිනි.

“අපේ මන්ත්‍රීතුමා මේ කරපු වැඩේට, නුගත් මිනිස්සු දන්නේ නෑ. අමුවෙන් කන්න කිව්වේ නෑ කාටවත්. එතැනින් පස්සේ බලන්න මුළු ලංකාව පුරා ම පාරිභෝගිකයෝ ඇවිල්ලා හොඳට වෙළෙඳාම කරන් යනවා.” එහි සිටි ධීවරයෙක් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *