මන්ත්‍රී විශ්‍රාම වැටුප කපන්න එපා… ඒක ඇමරිකාවෙත් ගෙවනවා…! – කරූ ජයසූරිය….

August 16, 2025 at 4:56 pm | by Namal

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීන්දුව ගැන නැවත සලකා බලන මෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඉල්ලයි.

මේ වන විට විශ්‍රාමික මන්ත්‍රීන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ලබන අතර ඔවුන්ගෙන් බහුතරය එම වැටුපෙන්ම ජීවත් වන බව ද මේ අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනකු ද සිටින බව ද පෙන්වා දෙයි.

මහජන නියෝජිතයන් ලෙස පත්වන සියල්ලන්ම සොරුන් හෝ වංචනිකයන් නොවන බැවින් ඉතා අසීරුවෙන් දිවි ගෙවන මෙම පිරිස් ගැන කරුණා සහගතව ක්‍රියා කළ යුතු යැයි පැවසූ හිටපු කතානායකවරයා විශ්‍රාමික මහජන මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය සහ යුරෝපය ආදී බොහෝ රටවල සිදුවන කටයුත්තක් බවද සඳහන් කළේය.

ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් ආහාර සහ ඖෂධ ලබාගන්නේද මෙම විශ්‍රාම වැටුපෙන් බවද ඔහු පැවසීය.
ආණ්ඩුව විශ්‍රාම වැටුප සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට පෙර මෙම කරුණු ගැන ද අවධානය දැක්විය යුතු යැයි ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස