මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුවක් නෑ… මන්ත්‍රී නිවාස 80ක් ආණ්ඩුවට… විපක්ෂයට 28ක්…!

November 30, 2024 at 9:45 am | by emanisa.lk

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මෙතෙක් කප්පාදු කර නැති බැවින් ඒ ආකාරයෙන්ම ලබා දෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කරයි.

මේ වන විට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක් ලැබී ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත භාරදුන් නිවාස 25ක් –30ක් පමණ ප්‍රමාණයක් මේ වන විට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාව අනුව එම නිවාස ඉදිරියේ දී මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය පැවසුවාය.

108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර ඇත. පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බව ද පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *