මන්ත්‍රී නිවාස තක්සේරුවට බෑ කියයි… කුළිය නංවන යෝජනාවත් කුණු කූඩෙට… දිගටම කුළිය රු. 2000යි…!

February 10, 2025 at 10:04 am | by emanisa.lk

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස පරිශ්‍රයේ නිවාස කුළිය වැඩි කිරීමට කර තිබූ යෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉතා ආසන්නයේ පිහිටි කාමර තුනකින් සමන්විත මාදිවෙල මන්ත්‍රී නිවාසයක මාසික කුළිය රුපියල් 2,000ක් ලෙස තව දුරටත් පවත්වාගෙන යාමට නියමිතය.

මාදිවෙල මන්ත්‍රී නිවාස තක්සේරු කොට ඒ සඳහා සාධාරණ මිලක් අයකළ යුතු බව පසුගියදා විපක්ෂය යෝජනා කර තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *