පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් තිබේ.
ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ 2020 මහා මැතිවරණයට තරඟ කොට පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කළේ තමන් ස්වාධීනව කටයුතු කරන බවයි.
ඔහු කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.
මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.