මත්පැන් සමාගම්වලින් අල්ලස් අරන්…සුරාබදු ලොක්කන්ගේ වත්කම් විමර්ශන ඇරඹෙයි..!

December 2, 2024 at 9:43 am | by emanisa.lk

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ මෙම පිරිස මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අල්ලස් ගැනීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයථා වත්කම් විමර්ශන ඒකකයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබී ඇති තොරතුරු මතයි.

බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් දැනට ආන්දෝලනයට ලක්ව ඇති මත්පැන් නිෂ්පාදන සමාගමක් තමන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසකට අල්ලස් ලබා දුන් බව අනාවරණය කර තිබේ.

ඒ අනුව අදාළ ඉහළ සුරාබදු නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් වහාම ආරම්භ කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *