මත්තල ගුවන්තොට ඩොලර් උල්පතක් වෙයි.. කළ අපහාස මැදපෙරදිග යුද ගින්නට දැවේ…!

March 21, 2026 at 10:52 am | by emanisa.lk

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව නිසා ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ සඳහා පවතින ජාත්‍යන්තර ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා ආයතන කිහිපයක් ශ්‍රී ලංකාව තාවකාලික ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට අවසර ඉල්ලා තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ පවතින කාර්යබහුලත්වය සලකා බලා, අතිරේක ගුවන් ගමන් සඳහා මත්තල ගුවන් තොටුපළ යොදා ගැනීමට රජය මෙහිදී යෝජනා කර ඇත.

ලෝකයේ ප්‍රධාන ගුවන් ගමන් මාර්ගවල සිදුව ඇති බාධාවන් හමුවේ මෙරට පිහිටීම උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වී ඇති බව මෙමගින් පැහැදිලි වෙයි.

මෙලෙස ජාත්‍යන්තර ප්‍රවාහන සේවා සඳහා ශ්‍රී ලංකාව විකල්ප මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීම රටේ ආර්ථික හා ප්‍රවාහන ක්ෂේත්‍රයට සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක සාකච්ඡාවක් ලබන සඳුදා (23) පැවැත්වීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසයි.

එම ගුවන්තොටුපළ ඉදිකරන සමයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එය දැඩි ලෙස විවේචනය කළ අතර ඔවුන්ගේ ආණ්ඩුව යටතේම එය රටට විශාල ආර්ථික වාසි ගෙන දෙන ව්‍යාපෘතියක් බවට පත්වීම විශේෂත්වයකි. යහපාලන ආණ්ඩුව සමයේ මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමටද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *