ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ අනවසරයෙන් තම ඡායාරූප යොදා ගනිමින් තමන් තවත් මන්ත්‍රීවරයෙකු සහ සම්බන්ධ කර අසත්‍ය සහ ද්වේෂ සහගත කටකතා පතුරුවමින් තම කීර්ති නාමයට හානි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි. ඒ පිළිබඳ ඈ තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.
“මා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.
මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!
මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු.”