තමාගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි.
ඔහු මෙසේ පැවසූවේ සිය වාහනයට අනුරාධපුරයේදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද ( 19) ප්‍රකාශයක් සිදුකරමිනි.
“මගේ වාහනයට 17 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. සිද්ධිය ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණය්ක් කරගෙන යනවා. මේ සිද්ධියෙන් පසු මා ගැන සොයා බලපු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.
මේක කළේ කවුද කියන එකට වඩා මට කියන්න තියෙන්නේ මේකයි. මම හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ. කවුරුත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපි කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදියි. ඒ නිසා තමයි මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ දෙපැත්තෙම වැරදි තියෙනවා. මේකේ නිවැරදි තැන හොයාගන්න ඕන.
වෙනස් වෙන්න ඕන තැන අපි හොයාගන්න ඕන. හොයාගෙන දෙපාර්ශ්වයම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ වෙනස ගේනකම් මේ රට හදන්න බැහැ. ඒ දේශපාලන පරිවර්තනය මේ රට ඉල්ලනවා. ඒ වෙනස ආදේශ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වෙනස වෙනුවෙන් අපි තරුණයන් විදිහට වැඩ කරනවා.”