අනීතිකව අත්අඩංගුවට ගැනීම නිසා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කොරියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහැර තිබිණි.
මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඈ ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවය.