සමාජ මාධ්‍යවල යන සියල්ලට පිළිතුරු දීමට තමන් බැඳී නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
“අපි දන්නවා සමාජ මාධ්‍යවල තහවුරු නොකරගත් බොහෝ මතවාද යනවා. ඒ හැම දේකටම උත්තර දෙන්න අපි බැඳිලා නෑ.
දැන් ගරු විපක්ෂ නායකතුමාටත් කතන්දර කියන්නේ. ඕක ඔබතුමාට කරන්න බෑ, පොඩි ළමයෙකුට දෙන්න කියනවානෙ. අලි මන්තර කේස්නේ. ඒවා ගණන් ගන්න හොඳ නෑ.
මට මගේ කණ්ඩායම පිළිබඳවත් මගේ ආණ්ඩුව පිළිබඳවත් මගේ ජනාධිපති පිළිබඳවත් මට ඉතාම හොඳ විශ්වාසයක් තිබෙනවා.
මට අමාත්‍ය වගකීම භාරදීලා තියෙන්නේ සමාජ මාධ්‍යවලින් නෙමෙයි, ජනාධිපතිවරයා. ඒක මම හොඳට කරන්නේ නැත්නම් එතුමා මට කියාවි.”
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.